Annual Prize Giving – 2011

ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාගප්‍රදානෝත්සවය වෙනුවෙන් ඔබගෙන් මෙතෙක් කල් ලැබුණු සහයෝගය කෘතවේදීව සිහිපත් කරන අතර 2011 වසර සඳහා වන ත්‍යාග ප්‍රධානොත්සවය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යනු ලබන බැවින් ඔබගේ සහයෝගය හා අනුග්‍රහය බලාපොරොත්තු වෙමු.

ත්‍යාග වටිනාකම් පහත සඳහන් පරිදිය

පංතියක ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 1000/-
පංතියක දෙවන ස්ථානය සඳහා රුපියල් 750/-
පංතියක තුන්වන ස්ථානය සඳහා රුපියල් 500/-
විශේෂ ත්‍යාග සඳහා රුපියල් 500/-
සමරු කලාපයේ වර්ණ පිටුවක් රුපියල් 10,000/-
පිටුවක් රුපියල් 2000/-
පිටු භාගයක් රුපියල් 1000/-
අප විසින් මෙතෙක් ඉටුකළ වැඩ සටහන් හා 2012 වසරේ අරමුණු හා ඉලක්කයන් පිළිබඳ වන ලිපියක් ද මේ සමඟ ඔබ වෙත යොමුකර ඇත. පළමුව ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් ද ඉන් පසුව ඔබට අවස්ථාව ලැඛෙන පරිදි එම ලිපිය කෙරෙහි අවධානය යොමු කරන මෙන් ද ඉල්ලා සිටිමු.

විදුලිය ලබා ගැනීමෙන් පසුව ගෘහස්ථ ක්‍රිඩාංගනය ආදි සිසුන් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ළඟදීම විවෘත කිරීමට ද හැකිවනු ඇති බව දන්වා සිටිමු.

සියළු වැදගත් තොරතුරු පරිගණක ගතකර සංරක‍ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බැවින් අඛණ්ඩව ඔබේ නමින් ත්‍යාගයක් වෙන් කිරීමට අවශ්‍ය නම් එ සඳහා ද අවස්ථාවක් ලබාදිය හැකි බව දන්වා සිටිමු.

Click Hear To Download Donation Form

 

 

3 Responses so far.

  1. Savimon Urugodawatta says:

    Please reserve the T C I Ekanayike Prize for Best All Round Student for me so that I can send you the money. Let me know how much to send.

    Thanks

    Savimon Urugodawatta

  2. Leelanath says:

    Hye all,

    Nice to see all the Gankandians get together to salute our mother…..

    Best of Luck….

    Leelanath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>