වාර්ෂික ප්‍රගති වාර්තාව 2012

වාර්ෂික ප්‍රගති වාර්තාව

-2012.03.25 සිට 2013.03.31-

අභියෝගාත්මක නිළ වසරක අති සාර්ථක පිය සටහන්….

අධ්‍යාපන සම්මන්ත්‍රණය

2

අධ්‍යාපන සම්මන්ත්‍රණයය වෙනස් ආකාරයකට යොමු කරමින් පාසල් ළමුන්ට මෙන්ම සවස් කාලය දෙමව්පියන් වෙනුවෙන් මනෝ විද්යාත්මක උපදේශයන් ඇතුලත් කාලීන දේශන දෙකක් මනෝවිද්‍යා උපදේශක සනත් ගමගේ මහතා විසින් ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය එම කමිටු සභාපති ශාන්ත ජයසිංහ මහතා විසින් දරණ ලදී.

ත්‍යාග ප්‍රධානෝත්සවය

3

2012 දෙසැම්බර් මස 03 වන දින ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් වාර්ෂික ප්‍රධානෝත්සවයය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකියාව ලැබුණි. පාසල හා ඉතාම සමීපව විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මංඩලයේත් පාසල් සිසුන්ගේත් උපරිම සහයෝගය ලබාගැනීමට හැකිවීම භාග්‍යකි.මෙම උත්සවය අප නිළ වෙබ් අඩවියේ සජීවීව විකාශනය කරන ලදී.ත්‍යාග ලබාදීමේදී සිහිවටනයක් ලෙස මුද්‍රිත කවරයක් මෙන්ම සහතික පතක්ද සැම සිසු දරුවෙකුටම ප්‍රධානය කිරීමට හැකිවිය.

ගන්කන්ද  රාත්‍රිය

4

විවිධ අභියෝග මැදින් නව මුණුවරකින් අඩු මුදලකින් සහභාගී වූ සැමට උපරිම වින්දනය ලබා දෙමින් වෙනස්ම ආකාරයකට ගන්කන්ද රාත්‍රිය පැල්වාඩිය රජනාව රිසෝර්ට් හිදී සාමජිකයන් 175 කගේ සහභාගීතවයෙන් සාර්ථකව පවත්වන ලදී.මෙහිදී ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කල නන්දපාල වික්රමසූරිය මහතාද මහාචාර්ය පදවි ලැබූ කමල් වලේබොඩ මහතාද ඇගයීමට ලක්විය

මෙම  කාර්යන්ට අමතරව

ආදි ශිෂ්‍ය සංගමයේ නිල කාර්යාලය අරම්භ කිරීම

5

අප සංගමයේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වූ  ප්‍රධාන බාධකය වූ  කාර්යාලයක් නොමැතිකම මගහරවමින් ගරු විදුහල්පති නීල් වතුකාරවත්ත මහතාගේ සහයෝගය හා දොස්තර ජයසුන්දර බන්ඩාර මහතා ප්‍රමුඛ කොලඹ සංගමයේ කාර්යාලීය උපකරන පරිත්‍යාගයෙන් ආරම්භ කලෙමු.මෙය කොලඹ සංගමයේ සහ අප සංගමය අතර සහයෝගය සහජීවනය විදහා දක්වන්නකි.

විසිරී පැවතුනු වාර්ශිකව බිහිවුනු කණ්ඩායම් අප සංගමය සමග ඒකරාශි කිරීම

7

වාර්ශිකව බිහිවුනු කණ්ඩායම් සංවිධාන හා පසුගිය කාලයේ නිළයන් දැරූ කණ්ඩායම්ද සංගමයට ඒකරාශි කරගැනීමෙන් පසුපෙල නායකත්ව බිහිවෙන අයුරින් සංගමය ශක්තිමත් කිරීම
පාසලේ මාධ්‍ය ඒකකයට වීඩියෝ කැමරාවක් පරිත්‍යාග කිරීම

8

94 ආදී කණ්ඩායමේ පූර්ණ අනුග්‍රහයෙන් විද්‍යාලීය මාධ්‍ය ඒකකයට වීඩියෝ කැමරාව ලබා දීමට හැකිවිය.

යාවජීව හා සාමාන්‍ය සාමාජික නාම ලේඛනය යාවත්කාලීන කිරීම

9

සාමාජික ප්‍රවර්ධන කටයුතු යටතේ මේ වර්ෂය තුල අපට නව යාව ජීව සාමජිකයන් 19 දෙනෙකු බඳවා ගැනීමට හැකිවු අතර පැරණි යාවජීව සාමජිකත්වය ලැබූ සාමජිකයයන් 8 දෙනෙකු වෙනුවෙන්ද , ඇතුලුව සම්පූර්ණ යාවජීව කඩ්පත් 27ක් නිකුත් කිරීමට අපට හැකිවිය.මීට සමගාමීව ප්‍රදේශ වශයෙන් සමාජික නාම ලේඛනය යාවත්කාලීන කරමින් සමාජික නාමලේඛන පොත් 5ක් සකස් කිරීමට හැකිවිය

නිළ ඇඳුම පිලිබඳ පාසල් දැනුවත් කිරීමේ පුවරුව.

10

පසල් දරුවන්ගේ නිළ ඇඳුමේ ප්රමිතිය පිලිබඳව දරුවන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ අරමුණින් ආදි 2006 කණ්ඩායමේ මූල්යමය දායකත්වය අප සංගමයේ මැදිහත්වීමෙන් එම කාර්යද ඉටු කිරීමට හැකිවිය.

 

පාසල් ශාලාවට ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක් සවි කිරීම

11
අපගේ නිළ වසරේ යෝජනාවක් වූ මෙම වැඩ සටහන ගරු විදුහල්පති තුමාගේ මැදිහත්වීම මත දෙමාපියන්ගේ මුල්‍ය දායකත්වය

ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල පිළිබදව පැරණි ඡායාරූප සහ වීඩියෝපට සංරක්ෂණය කිරීමට
වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම

12

වෙබ් අඩවිය ආරම්භ කිරීම

13

ආදි ශිෂ්‍ය සංගමයේ විශාල අඩුපාඩුවක්ව තිබූ නිල වෙබ් අඩවිය www.ppa.gankanda.com වශයෙන් ආරම්භ කිරීමට අපට හැකිවිය. ඒ සඳහා පරිගනක මෘදුකාංග ඉංජිනේරු අප ආදි ශිෂ්‍ය රවි රංජන් මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.

අප සංගමයේ මුදල් රැස් කිරීම හා ඉතිරිකිරීම වෙනුවෙන් ගිණුම් 2ක් ආරම්භ කිරීම

14

BOCජංගම ගිණුම – 0073643413
BOC-ඉතිරි කිරීමේ – 0073633725

අප සංගමයේ මූළ්ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම සදහා විශේෂ ව්යාපෘතියක් වෙනුවෙන් හැර කිසිදු බැංකු
ගිණුමක් අප සංගමය වෙනුවෙන් නැවත නැවතත් විවෘත නොකිරීමට 2013 මාර්තු මස 31 දින පැවති මහ සභාවේදී
යෝජනාවක් සම්මත කර ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත

සංවත්සර මහ සභා රැස්වීම

15

සංවත්සර මහ සභා රැස්වීම පිලිබඳව යවන ලිපි වෙනුවෙන් සංගමයේ මුදල් වැය නොකොට ආකර්ශණීය ලිපියක් සාමාජිකත්වයේ පණිවිඩයක්ද සමග යැවීම

සභාවෙන් පසුව දවස මුලුල්ලේම පාසලේ ගත කිරීමත් ක්‍රීඩා තරඟ 2ක් පැවැත්වීම

ආදී ශිෂ්‍ය කලා ශූරීන් නිශ්ශංක දිද්දෙනිය මහතා ඉදිරිපත් කල සංගීත වැඩසටහන

 

මහ සභාවේ විශේෂ අවස්ථාවන්

පාසලේ වර්ණය සහ නම පිලිබද පැහැදිලි මතයකට පැමිණීම

කණ්නන්ගර ශ්‍රීමතානන් විසින් ආරම්භ කරන ලද දිවයිනේ ඇති මධ්‍ය විද්‍යාල 54 විශේෂ ගැසට් නිවේදනයක් මගින්
මධ්‍ය විද්‍යාල නමින් හැදින්වීමට පියවර ගෙන ඇති බැවින් අප විද්‍යාලයද ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය වශයෙන්
නොව ගන්කන්ද මධ්ය විද්යාලය වශයෙන් මින් ඉදිරියට භාවිතා කිරීමත් නිල මහ සභාවේ විශේෂ අවස්ථාවන්
නිල් රතු කහ කොල යන වර්නයන් යොදා ගැනීමටත් තනි වර්ණයක් අවශ්ය වූ විටෙක නිල් වර්ණය යොදා ගැනීමටත් මහ සභාවේ එගගතාවය පල විය. මේ පිළිබදව ලීලනාත් වික්රමආරච්චි මහතා,සමරවික්රම හෙට්ටිආරච්චි මහතා,සවිමන් උරුගොඩ වත්ත මහතා,මහාචාර්ය කමල් වලේබොඩ මහතා,විදුහල්පති නීල් ධම්මික වතුකාරවත්ත මහතා ප්‍රමුඛ පිරිසක් දීර්ඝ වශයෙන් සාකඡ්චා කිරීමෙන් පසුව ඉහත තීරණයට එලබිණි.

විශේෂ පරිත්‍යාග
ආදි ශිෂ්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත අප සංගමය වෙනුවෙන් ආදි ශිෂ්‍ය කමන්ත
අමරසේකර මහතා විසින් රුපියල් දස ලක්ෂයක පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම.
ඉටුකර ගැනීමට නොහැකි වූ අරමුණු

01.ඉතිරි 10 වසරකට ගැලපෙන අයුරින් පාසලේ ගොඩනැගිලි හා උද්යාන සැලැස්ම සකස් කර ගැනීම
02.පාසල තුල CCTV කැමරා පද්දතියක් සවි කිරීම

ස්තූතියි…
අභියෝගාත්මක වසරක් අති සාර්ථක වසරක් බවට පත් කරමින් නිමා කරන්නට දායක වූ…
ගරු ලේඛම් රනිල් දහනායක මහතා ප්‍රමුඛ අපගේ නිළධාරී මණ්ඩලය
ගරු විදුහල්පති  නීල් ධම්මික වතුකාරවත්ත මහතා,නියෝජ්‍ය විදුහල්පති තුමන්ලා ඇතුළු ආචාර්‍ය මන්ඩලය සහ
සමස්ථ සිසු පිරිසට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට
කොළඹ සංගමය ඇතුළු වාර්ශිකව බිහි වූ කණ්ඩායම් සංවිධාන වලට
උදව් උපකාර කල ව්‍යාපාරික ප්‍රජාවට
ආශීර්වාදයෙන් සහයෝගයෙන් අපව දිරි ගන්වමින් උදව් උපකාර කල සමස්ථ ආදි සිසු  සැමට ස්තූතියි…

සම්පූර්න වාර්ශික ප්‍රගති වාර්ථාව පීඩීඑෆ් ගොනුවක් ලෙස පහත ලිපිනයෙන් භාගත කර ගන්න

වාර්ශික ප්‍රගති වාර්ථාව

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>