පැල්මඬුලු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ගේ කොළඹ සංවිධානය 

  • පැල්ඬුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය – ආරම්භය  1957
    ආරම්භකයෝ: සවිමන් උරුගොඩවත්ත, සී.එස්.විජේසේන, එම්.එම්.දසනායක, පී.එම්.අබේරත්න, ජී.එම්.දිසානායක,ජී.එම්.සෝමරත්න
  • පැල්මඩුලු සුහද මුළුව – 1959, කොළඹ මහාබෝධි විද්‍යාලයේ දී  (කොළඹ සංවිධානයේ පෙරගමන්කරු)
  • ලංකාවට කෙටි චිත්‍රපටි සඳහා ප්‍රථම ජාත්‍යන්තර රජත මයුර සම්මානය හිමි කැර ගත් සුගතපාල සෙනරත් යාපා පීළිගැනීම සඳහා ඇස්වාට්ටුව හන්දියේ එදා තිබුණු පීකිං හෝටලයේ දී, ප්‍රථම විදුහල්පති ටී.සී.අයි.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහක් පැවැත්විණි.
  • 1963  -  කරුණාරත්න බණ්ඩාරයන්ගේ නරි උගුල නාට්‍යය සමස්ත ලංකා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම.
  • කරුණාරත්න බණ්ඩාරයන් වසර 50කට පෙර ලියූ රවුළුව කාව්‍ය සංග්‍රහය, පැල්මඩුල්ල මැදි විදුහලේ දී දොරට වැඩීම. එදින දේශනය :  සඳදස් කොපරහේවා විසිනි.
  • 1963.08.02 – විදුහලේ සියවස පුස්තකාලය විවෘත කිරීම මහගත්කරු මාටින් වික්‍රමසිංහ අතින්. කැඳවා ගෙන ගියේ සවිමන් උරුගොඩවත්ත, ඔහුගේ ඡායාරූපය සකස් කළේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි හා කිවියර විල්සන් හෑගොඩ 

 

 

කොළඹ සංවිධානය

  • 1978.08.12  කොළඹ සංවිධානය   තිඹිරිගස්යායේ කොකෝස් ආපන ශාලාවේ දී
  • 1979.03.31 – විදුහල්පති උපහාර උළෙල  පැල්මඩුල්ලේ දී
  • 1993.04.18  -  අලුත් අවුරුදු උත්සවය ,  මහරගම ජනාධිපති විද්‍යාලයේ දී, එහි විදුහල්පති සිරිසෝම රණසිංහගේ අනුග්‍රහයෙන්, විදුහල්පති විලියම් තඹවිට මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙදින අක්ෂි වෛද්‍ය එම්.විජේතුංගයන්ගේ අක්ෂි සායනය සහ දන්ත වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරයන්ගේ දන්ත සායනය
  • 1994 අලුත් අවුරුදු උත්සවය – බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී, පොලිස් අධිකාරි ගාමිණ් විජේතුංග අනුග්‍රහයෙන්
  • 1993. 07. 09  -  විද්‍යාලයේ අධ්‍යාපන සම්මන්ත්‍රණය -  ආචාර්ය ඩබ්.එල්. සුමතිපාල
  • 1993.07.24  -  කලාකරු සංවිධානයේ ප්‍රථම රැස්වීම  මහරගම ජනාධිපති විදුහල
  • 1996 – විදුහලේ 50වැනි සංවත්සරය – පිරිත හා සාංඝික දානය  සහ  ස්වර්ණ සමීක්ෂා – සබරගමු-දෙනවක පුරාණය දොරට වැඩීම
  • 1998.09.23 – කන්නන්ගර අනුස්මරණය වෙනුවෙන්, සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය සඳහා, සවිමන් උරුගොඩවත්ත සංස්කරණය කළ අරුණලු මංගල කලාපය දොරට වැඩීම
  • ශිෂ්‍යත්ව අරමුදල – අරම්භ වූයේ, වෛද්‍ය උදය දන්ගහදෙනිය පේරාදෙනිය වෛද්‍ය විද්‍යාලයේ සිටිය දී, ඔහුගේ පියාගේ ඉල්ලීම පරිදි, මාසික ව ශිෂ්‍යත්වාධාරයක් දීම සඳහාය. පසුව. රාජා සුමනපාලගේ සහයෝගයෙන්, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අධිෂ්ඨානය චිත්‍රපටිය, ගන්කන්ද සිනමාහලේ තරගත කොට, ස්ථාවර ශිෂ්‍යත්ව අරමුදලක් පැල්මඩුල්ලේ ආරම්භ කරන ලදී. අනතුරු ව, ටී.සී.අයි. ඒකනායක, ගාමිණී වික්‍රමසූරිය, සීතා අරුන්දවනාදන්, කමලා බණ්ඩාර, කමන්ත අමරසේකර, වෛද්‍ය විජය ගොඩකුඹුර, මහින්ද ලියන ආරච්චි, ජී.කේ.කේ ආරියරත්න, හර්බට් ‍ොගාඩගේ, සෙනරත් ගෝණකුඹුර යන අයගේ පරිත්‍යාග මත කොළඹ සංවිධානයේ ශිෂ්‍යත්ව අරමුදල නිල වශයෙන් ආරම්භ කරන ලදී. එහි 2008. 08. 30වැනි දිනට ශේෂය 300,215.00කි.
  • 2001.03.16  -  හිටපු විදුහල්පති එ.වි. ගුණපාල ශූරීන්ගේ අරුම පුදුම කතන්දර 5වැනි මුද්‍රණය දොරට වැඩීම -මහාචාර්ය ජේ.බී. දිසානායක හා අරිසෙන් අහුබුදු සහභාගිත්වයෙන්.
  • ආරක්ෂිත කුප්පි ලාම්පුව නිපද වූ වෛද්‍ය විජය ගොඩකුඹුරට ජාත්‍යන්තර සම්මානයක් ලැබීම නිමිති කොට ඔහුත් කලා ලෝකයේ නමක් දිනා සිටි රාජා සුමනපාලත් සංවත්සර රැස්වීමේ දී උපහාරයට ලක් කිරීම. දිනය  ?
  • 2002.01.27-28 – බෙලිහුල්මය – කූරගල චාරිකාව
  • 2003.06.29  -  හළාවත මීගමුව චාරිකාව
  • 2002. 05. 29 – සවිමන් උරුගොඩවත්තයන්ගේ මැදිහත් වීමෙන් හා සිරිපාල දිසාසේකරයන්ගේ සහායෙන්,
  • ප්‍රථම විදුහල්පති ටී.සී.අයි.ඒකනායක මහතාගේ මතක සටහන්, “ MEMORIES  AND  REFLECTIONS”,නමින් පළ කිරීම
  • 2003 – ස්වර්ණ සමීක්ෂා- සබරගමු දෙනවක පුරාණය තවත් ඉදිරියට පියවරක් තබමින්, සබරගමු පළාත් සභාවේ අනුග්‍රහයෙන්, සබරගමු වංශ කථාව (වෙළුම් 3න් පළ කිරීම) – සහාය සංස්කාරක :  සවිමන් උරුගොඩවත්ත
  • 2004.06.20  සිල්වරේ හමුව – ධර්මදාස වන්නිආරච්චි, ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි යන අයට උපහාර.
  • 2004.11.26 -  සිරිසෝම බොරළුගොඩ ගුරු උපහාරය -  අටුලුගම සීඩා මධ්‍යස්ථානයේ දී (සංවිධානය: වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සහ පී.කේ.ජයසුන්දර
  • 2008.07.11 – අත්පූජ්‍ය මඩලගම වජිරබුද්ධි මහනායක හිමියන් වසර 15කට පෙර ලියූ දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල කෘතිය, සවිමන් උරුගොඩවත්යන්ගේ පරිශ්‍රහයෙන් හා සංස්කාරකත්වයෙන් ප්‍රකාශයට පත්කොට, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී දොරට වැඩීම.-මූලාසනය: අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි . දේශන: මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, ආචාරය සිරාන් දැරණියගල, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ,අතිපූජ්‍ය, මහාචාර්ය බෙල්ලන්විල විමලරඑතන නාහිමි

පැල්මඩුලු හඬ

  • මංගල කලාපය – 1958 ()  සංස්කාරක- කරුණා අබේසේකර (පැල්පොල) ප්‍රකාශක – සවිමන් උරුගොඩවත්ත
  • කලාපය – 1, වෙළුම – 1  සංස්.  කමල් වලේබඩ + ජයසුන්දර බන්ඩාර
  • 1993 දෙසැ. වෙළුම 1, කලාපය  2  සංස්,  ජයසුන්දර භන්ඩාර, නිශ්ශංක දිද්දෙනිය
  • වෙළුම – 1  කලාපය – 3   1994 මාර්තු  (1993 ජාත්‍යන්තර ඡායාරූප තරගයේ තයාගය – නලින් බෝගොඩ)
  • වෙළුම – 1, කලාපය – 4   1994 දෙසැ.1992/8 – 1993/7

 

නාට්‍ය දර්ශන

  • ගජමන් පුවත  -  1979.11.30. රාමක්‍රිෂ්ණා ශාලාව, 2වැනි සුහද හමුව සමග ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස ,  බැංකු ගිණ්මක් විවෘත කිරීම
  • 1983.08.26  -  රාජා සුමනපාල නාට්‍ය නිර්මාණය   මනමාලි   මරදානේ  ඇලිෆිනිසුටන් මනාපෙ – 1990.06.01  -  ජෝන් ද සිල්වා සමරු රඟහල
  • නිශ්ෂංක දිද්දෙනියගේ අවරගිර මුදුනින් කැසට් පටය දොරට වැඩීම    දිනය  ??
  • 1983.02.20 දින බී.එම්.සේනාරත්නගේ සීගිරි ගල්මල නාට්‍යය බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී වේදිකාගත කිරීමට සහාය දීම
  • 2004.02.07වැනි දින, දිනේද්‍ර සෙනරත් පනාවල ගේ කෙටි මුද්‍රා නාට්‍ය උළෙල ජොන් ද සිලිවා සමරු රඟහලේ පැවැත්වීමට සහාය දීම.